මම ඉස්සෙල්ලාම පිටරට ගියේ තායිලන්තයට.-බැංකොක්.. මෙඩිකල් කොලේජ් එකේදී
Dr දියනාත් සමරසිංහගෙන් ඇහුවා ඉස්සෙල්ලාම යන්න හොද රටක් කියන්න කියලා." උබ
යනවානම් ඉස්සෙල්ලාම තායිලන්තයට පලයන් ලෝකෙ හැම අන්තයක්ම එකතැන බලාගන්න
පුලුවන් " කිව්වා.ඒ කතාව ඇත්ත කියල ගිහිල්ල ආපුහාම තේරුනා.
ඒ කලෙ මට
ඉස්සෙල්ලාම රට යන එක ප්රංශ භාෂාව වාගෙ. අපේ කවුරුවත් පිටරටත් නෑ. ගියපු
අයත් ඒ ගොල්ලොන්ගෙ පුරාජේරැව කියනවා මිසක් යන හැටි කියාදෙන්නෙත් නෑ..අපි
ඉතින් දිව්යලෝකෙ විස්තර අහනවා වාගෙ කට ඇරගෙන අහගෙන ඉන්නවා.
එකදවසක්
පත්තරේ තිබ්බා Air Lanka එකේ මාස 6 කට කලින් ගත්තොත් රුපියල් 11,000 කට
බංකොක් යන්න තියනවා කියලා.මායි නෝනයි රුපියල් 25000 ක් අරගෙන කොළඹ ගියා
ටිකට් ගන්න. ඔපීස් එක තිබ්බෙ පිට්ටු බම්බුවෙ. එකට ගියාමත් රට ගියා වගෙයි.
කොළඹ මස්සිනාත් ආව අපිත් එක්ක. ලස්සන නෝන කෙනෙක්ගෙ මේසයක් ඉස්සරහට ගිහිල්ල
ටිකට් ඉල්ලුවා බැංකොක් යන්න. මූන දිහාවත් බලන්නේ නැතුව කොම්පුටරයෙන්
මොනවාදො ගහලා දෙකටම 48000 යි කියලා කිව්වා. ඇහුවාම කියපි Tax නැතුවයි
පත්තරේ තිබ්බෙ කියලා. මම වටපිට බලනකොට මස්සිනා එයාගෙ ක්රෙඩිට් කාඩ් එකෙන්
ගාන ගෙව්වා. රට යන පලමු පාඩම ඉගෙන ගත්තා.
ටිකට් අරගෙන කැප්පෙටිපොලට
ආවට පස්සේ කල්පනා කරා ඉතුරු වැඩ ටික කරගන්නේ කොහොමද කියලා.ඉන්ටෙර්නෙට්
ගත්තා. පැයක් යනවා ලෝඩ් වෙන්න.එත් ටික ටික බලන්න පටන් ගත්තා. Wikitravel
කියලා සංචාරකයන්ට හොදට විස්තර තියන website එකක් හම්බු උනා. ඉස්සෙල්ලාම
නවාතැන.මට ඕන උනේ මගේ ගෙදර වගේ පහසුකම් තියන කාමරයක් විතරයි. මොකද අපි
යන්නේ රට බලන්න මිසක පූල් එකේ නාන්න නෙවෙයි හින්දා.
හොයල බලනකොට
හුගක් Backpakers ල ( අඩු වියදමෙන් ස්ංචාර කරන අය ) බැංකොක් ගියාම නවතින්නේ
Khao San Road (Thai: ถนนข้าวสาร) වල.ලෝකෙ හැමරටකම backpackers ලා එතනට
තමයි එන්නේ.හැමතැනම නවාතැන්, පුදුම කලබල වීදියක්, කෑම කඩ පාරදිගේටම. මම
හිතුවා ඒ වීදියේ කලබල වැඩි හින්දා ඒ ලග තියන වීදියක නවාතැනක් හොයාගන්නවා
කියලා. හෝටලයේ නම K.S. House (เคเอส เฮ้าส์), 133 Phra Sumen Rd (next to
Siam Commercial Bank), ☎ +66 2 629-1763, [30]. යට තට්ටුවේ ඩෙන්ටල් ක්ලිනික් එකක්,උඩ තට්ටු
තුනේ හෝටලේ . වටේටම කෑම කඩ .ඊට පස්සෙ බැංකොක් ගිය හැම පාරම හිටියේ එතන
තමයි. ඊට පස්සෙ online එකෙන් හෝටලය මුල දවස් තුනට වෙන්කර ගත්තා හොදනම්
විතරක් ඉතුරු දවස් වලත් එහෙම ඉන්නවා හිතාගෙන.
දැන් ඉතින් රෑ දවල්
ඉන්ටෙර්නෙට් එකේ වැඩ. කන තැන්, බලන තැන්. යන තැන්.කොහොම හරි ලයිස්තුවක් හදා
ගත්තා. ඒ තැන්වල නම් තායි බාසාවෙන් print කර ගත්තා.බදුල්ල ලංකා බැංකුවෙන්
සල්ලි මාරු කර ගත්තා.නිවාඩු අනුමත කරගන්නැත් එපැයි. නැත්නම් කැප්පෙටිපොල
හොද ස්ටේශන් එකක් හින්දා කවුරුහරි පෙත්සමක් ගැහුවොත් ගෙදර තමයි ඇවිල්ලා
ඉන්න වෙන්නේ.. . ඇයි වීසා. ඒකට කොළඹ දෙපාරක් ගියා .(දැන්නම් මොන
කෙහෙල්මලකටවත් කොළඹ යන්නේ නෑ,online තමයි නැත්නම් මොකෙක් හරි යවලා ගෙන්න
ගන්නවා..)
ගමන කිට්ටු වෙනකොට නෝනත් වැඩ පටන් ගත්තා, බඩු ලයිස්තු
අම්ම තාත්තලාට,ලමයින්ට,පව්ලේ නෑදෑයින්ට, වටේ පිටේ අයට, ඉස්කෝලෙ, තවගොඩක්.
ඇයි අපි යන්නෙ එහෙ හම්බුකරන්නනෙ. හැබයි මම කිව්වා කෝකටත් ටිකක් පරන ඇදුම්
ටිකකුයි සපත්තුයි දාගෙන ගිහිල්ල විසිකරලා එමු අපේ ඇදුම් ගේන්න බෑග්වල ඉඩ
නැතිඋනොත් කියලා . පස්සෙ අපිට එහෙමම කරන්න උනා..
ඉස්සෙල්ලාම එයාපෝට්
එකට ගියාමත් වැඩ ගොඩයි.පැය හතරකට කලින් ගියා. Check-In , Customs,
Immigration. පෝම් පිරවිලි. බඩත්ගිනියි. කෑම කඩ දෙක තුනක් තියනවා.ගිනි
ගනන්..හැට හුට හමාරක් දේවල් පහුකරල නමෝ බුද්ධාය කියලා ප්ලේන් එකට නැග්ගා.
එයාපෝට් එකේදිත් බඩගිනි උන හන්දා හිතාගෙන ගියෙ බඩ පැලෙන්න කන්න. ඉස්සර අහල
තිබ්බෙ ප්ලේන් එකේදී 5 star කෑම දෙනවා කියලා. ඇතුල කුකුල් කූඩුවක් වගෙ.
ඉස්සර ස්කෝලෙ යන කාලෙ ඊබට් සිල්වා බස් එකේ Air Lanka වැඩට ගිය රූපරැජිනියො
වෙන තැන්වල වැඩට ගිහිල්ලා ජිම් වලට යන්න ඕනි නෝනල ටිකක් කෑම දුන්නා.බත්
හැදි දෙකයි කුකුල් මස් කෑල්ලයි,තව මොකක්ද තිබ්බ. වතුර දුන්නෙ බෙහෙත් වාගෙ .
කනේ පුලුන් ගහගෙන චුවිංගම් හප හාපා සාධු කියලා තයිලන්තයට ගොඩබැස්සා..
අපිට බහින්න තිබ්බෙ Don Mueang එයාපෝට් එකට. මම හොදට ලෑස්තිවෙලා ගියෙ එත්න
ඉදල හෝටලයට යන හැටි ගැන. කට පාඩම් . බස් එකේ නොම්මරයයි නගින තැනයි
බහිනතැනයි තියන කොලේ අතේ. බහින්න ඉස්සෙල්ලා ස්පීකරයෙන් කිව්වා ස්වරනභූමි
කතාවක්. මට තිබුනෙ බහින සිහිය හින්දා වැඩිය අහගත්තෙ නෑ.
“පුදනකොටම
කාපි යකා” අපි බැහල තියෙන්නේ වෙන එයාපෝට් එකකට.බැංකොක් වල තිබ්බ Don Mueang
එයාපෝට් එක ඉඩ මදි හින්දා Suvarnabhumi කියලා එයාපෝට් එකක් හදලා ඉස්සෙල්ලා
දවසේ ඉදලා ප්ලේන් ඔක්කොටම එහාට බස්සන්න කියලා.. අපි යනකොටත් වැඩ ඉවර නෑ.
හැබයි පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක වාගෙ.අදටත් ලෝකෙ ලොකුම එයාපෝට්
එක.Suvarnabhumi is the largest airport in the world by total area of
2,980 hectares. [8](Wikipedia) ඒකෙ අපේ ප්ලේන් වලට තිබ්බ තැන කොහොමද
කිව්වොත් ගේට්ටුවට එන්න හැතැක්ම දෙකක් විතර එන්න ඕනි.
කොහොමහරි
එයාපෝට් එකෙන් පැන්න. බස් ස්ටෑන්ඩ් එක තියන තැන අහගත්තා. පොඩි වීදි කෑම
(Street food )හැමතැනම. කෑම රසයි,ගදයි සෝස් ජාති දාල ( දැන් නම් ඒව නැතුව
කන්න බෑ) බඩ පිරෙන්න කෑව. .හතර පස් දෙනෙකුගෙන් Khao San Road අහනකොට 511
Bus කියලා කිව්වා. රෑ 7.00 ට විතර Khao San Road ලගින් බැස්සුවා එතන ඉදලාත්
සෑහෙන දුරයි හෝටලයට. අතෙ කොලේ තිබබට මොකාටවත් ඉංග්රීිසි බෑ කොලේ දැක්කම
ඔලුව වනලා තැන ඇහුවහම ඔලුව කහ ගන්නවා. Taxi ගන්නත් බයයි කොහේ ගෙනියය්ද
දන්නේ නැත් හින්දා. කොහොමහරි පයින්ම තඩි බෑග් එකක් උස්සගෙන පැයක් විතර
ඇවිදලා හෝටලයට ආව. (ඊට පස්සෙ කවදාවත් රට යනකොට බෑග් ගෙනිච්චෙ නෑ පිටේ මල්ල
විතරයි- Backpak)
දැන් වල්පල් ඇති, ගියපු තැන් දැක්ක දේවල් කියන්නම්.
අපි ඉස්සෙල්ලම ගියේ තායිලන්තයේ වැඩිම පිරිසක් නරඹන තැන බලන්න , Grand
Palace. මම නම් දිග කලිසමක් ඇදලා ගියා. නෝනට රෙද්දක් එහෙන් දුන්නා. ටිකක්
ගාන සැරයි .ලංකාවෙ මුදලින් රුපියල් 2500 ක් විතර එක්කෙනෙකුට.ඉස්සර
රජ්ජුරුවො හිටපු මාලිගය.තයිලන්තයේ තාම රජ පෙලපත තියනවා. මාලිගය මේ
රජ්ජුරුවන්ට ඉස්සෙල්ලා එක්කෙනාගෙ( King Rama I )අපලයි කියලා දීලා තියෙන්නේ.
ඒ එක්කම Wat Phra Kaeo කියලා තයිලන්තයේ අල්ංකාරම හා වැදගත්ම පංසල තියනවා.,
ඒ පංසල ඇතුලේ පච්චවර්ණ පාශාණ (ජේඩ්) වලින් නිමවුනු තායි ජාතිකයන්
වැඩියෙන්ම වන්දනා කරන බෞද්ධ ප්රයතිමාවක් (the Emerald Buddha), තියනවා. .
මේ තැන් දෙකම හරිම අලංකාරයි ,. හැම තැනම බිතු සිතුවම්.බලන්න වරුවකට වැඩිය
යනවා. හැම පැය දෙකකට වරක්ම නොමිලේ මගපෙන්වන්නෙක් ඒවා පෙන්නන්න එක්ක
යනවා.නැත්නම් වෙනම සල්ලි දීල උනත් ගන්න පුලුවන්
දෙකම බලලා ඉවර
වෙනකොට හවස 3.00 විතර ඇති ටිකක් දුර යනවා. උදේ හෝටලය ගාවින් යන බස්වල
නොම්මර ලියාගත්තා, හෝටලයේ කාඩ් එකකුත් තියනවා, බය නෑ.ටිකක් වටපිටේ ඇවිදලා
වීදි කඩේකින් කාල හවස 6.30 ට විතර 56 බස් එකට නැග්ගා. බස් එකේ ටිකක් දුර
යනකොට බැලූ තැන අලුත් මල් මිටිගනන් තියන වීදියකට ආවා. නෝනවත් ඇදගෙන බස්
එකෙන් බැස්සා.
මුලු තායිලන්තයෙන්ම දිනපතා බැංකොක් වලට ලොරි පුරවාගෙන
එන එක එක මල් ජාති මෙතන තොග වශයෙනුත් සිල්ලරත් විකුනනවා.කඩ සිය ගානක්. බස්
එකෙන් බහිනකොට අපේ නෝන ඉරාකෙට යනවා වගේ බය උනාට දැන් හදිස්සියක් නෑ. බොහොම
අමාරුවෙන් 11.00 ට විතර එලියට ගත්තා.56 බස් එකට නැග්ගා. විනාඩි දහයෙන්
හෝටලය ලග.
ඉතුරු ටික
නෝනල බැංකොක් යන්නෙ ෂොපිං( shopping )වලට මහත්වරු හොපින් (hopping) වලට , ඕකනෙ ඔක්කොම කියන්නෙ.
හුගක් අය බැංකොක් වලට ෂොපිං වලට ගියාට නවතින්නෙ සංචාරක උගුල් (Tourist
Traps)වල. බැංකොක් වලට ලෝකයේ හැම රටකින්ම ධන කුවේරයො එනවා. ඒ ගොල්ලො යන කඩ
වලට අපි ගියොත් සොරි තමයි. ඒත් අපිට සරිලන්න ඇදුම් , බඩු ගන්න තැන් ඕනතරම්
තියනවා.යන්න ඉස්සෙල්ලා ඒ ගැන දැනගන ඉන්න ඕනි.
ලංකාවෙ හුගක් අය ෂොපිං
යන්නෙ Pratunam Market එකට. රෙදි කඩ කාරයො වගෙ ගනන් හරියටම දන්නවා නම්
හොදයි, නැත්නම් මුලදි ලොකු ගනනක් කියලා අඩුකරලා ගත්ත්ත් නියම ගානට වැඩිය
වැඩියි. tourist guide ල ගෙනිච්චොත් උන්ටත් ගානක්.මම බඩු ගන්නවනම් යන්නේ
Tesco Lotus , Big C වාගෙ hypermarketවලට. ඕනෑතරම් බඩු තියනවා. නියමිත
ගනන්. ඊට අමතරව යන යන තැනවල් වල පාර අයිනෙ තායි ජාතිකයන්ට නොයෙක් බඩු කඩ.
ඒවයෙනුත් ගන්නවා.ගොඩක් රෙදි ගන්නවා නම් Boebe Market කියලා එකක් තියනවා.
ලංකාවෙ ගොඩක් රෙදිකඩ වලට ඇදුම් ගන්නෙ එතනින් . කඩ 1300 ක් විතර තියනවා.
උදේම යන්න ඕනි .හුගක් තැන්වල3 ක් ගත්තොත් එකක් නිකම්. 6 ක් ගත්තොත් 3 ක්
නිකම් 12ක් ගත්තොත් 12 ක්ම නිකම්.
බැංකොක් වල තව තව මාර්කට් ජාතිත්
තියනවා.ඒවා හුගාක් තායි ජාතිකයන්ට. දිනපතා (Daily Markets) සතිඅන්ත
(Weekend Markets) රාත්රීි (Night Markets ) ගංගාවල් ඇලදොලවල් වල (Floating
Markets) ඒක වෙනම සංස්කෘතියක්, මාර්කට් ගිහිල්ලා කාල බීල එනවා. වෙච්චි
ජරමර පස්සේ කියන්නම්,දැන් ඉස්සෙල්ලාම ගිය Weekend Market එක ගැන ඔන්න.
ගිය හතරවෙනි දවස සති අන්තයක්. දවස් තුනක් හිටියානෙ, දැන් ඉතින් තායිලන්තෙ
ඉපදුනා වාගෙ වැඩ. නෝන තමයි කචල්. බර බරේ නොදන්න වැඩ කරන්න එපා කියල. අපි
හිටපු තැන ලග MRT (The Metropolitan Rapid Transit), BTS Skytrain උඩින්
යටින් යන කෝච්චි නෑ. බසුයි බෝට්ටුයි විතරයි ලග. බෝට්ටුවෙන් Mo Chit ස්ටේෂන්
එකට. එතනින් Chatuchak Weekend Market Market එකට.
Mo Chit BTS
station එකෙන් බැස්ස. මිනිස්සු යන්නෙ මෙහෙ මැයි දිනයට යනවා වගෙ.
සාමාන්යියෙන් දවසකට ලක්ශ දෙකක් විතර එනවා. කඩ 8000 යි අක්කර 27 යි.ඇතුලෙ
යන්න ඉලෙක්ට්රිlක් කෝචිචි තියනවා. රෙදි, අත්කම් බඩු, ලී බඩු, පැල ජාති ,
කලා නිර්මාන,සත්තු, පෞරානික බඩු වෙනවෙනම කොටස් වල. මට නම් අල්ලලා ගියේ
සත්තුන්ගෙ කෑල්ල. නයි, මීයො, උගුඩුවො, පූසො, බල්ලො ඔක්කොම. . මටනම් බලු
පැටියෙක් ගේන්නම ඕනකම තිබ්බා. ආයෙත් නෝන කචල් දැම්ම කස්ටම් ගැන කියලා. හිතෙ
අමාරැවටත් එක්ක දූරියන් ටොපී බෑග් එකක් ගත්තා. එතන ඉදලා කැප්පෙටිපොලට
එනකම්ම ගද. ඔක්කොටම දුන්න කවුරුවත් කෑවෙ නෑ.නෝන නම් ලිස්ට් එකට ගොඩක් බඩු
ගත්ත. රෑට කාලම එහෙන් ආව.
දැන් හොපිං
බැංකොක් වල කාන්තාවො
පිරිමින්ටත් වඩා ඉදිරියෙන්. හැම වැඩක්ම කරනවා,.හරිම කඩිසරයි.පනහකට හැටකට
කන්න දෙන හෝටල් වල ඉන්නෙ දෙන්නයි. ඔක්කොම ඉස්සෙල්ල හදගෙන එනවා. එක්කෙනෙක්
උයනවා, අනික් කෙනා බෙදනවා,ඉනේ බෑග් එකට සල්ලි ගන්නවා. රෑ දහය දොලහටත් කොටට
කොටේ ඇදුම් ඇදගෙන බෝනික්කො වගේ ගෑනු ලමයි තනියම පාරෙ යනවා. (ලංකාවෙ නම්
එහෙම ගියොත් ත්රී වීල් පාක් වල මල්ලිල හැරෙන විදිහට උලුක්වෙච්ච බෙල්ලවල්
වලට බෙහෙත් කරලාම අපිට ගොඩයන්න තිබුනා.) ඒක ඒ ගොල්ලන්ට සාමාන්යා දෙයක්.
හැබයි ඒ ගොල්ලන්ගෙ වෘත්තීය ලිංගික සේවා සපයන අය ගොඩක් ඉන්නවා.කන්තා,පිරිමි
සමලිංගික ද්විලිංගික ඔක්කොම. ඔය පතායා තමයි ලෝකයේ සමලිංගික අගනුවර
කියන්නෙ..ඔක්කොම එකතු වෙන්නෙ එතනට. අනික් ඒවාත් තියනවා.බැංකොක් ගත්තහම ඒවට
වෙනම වීදි තියනවා. ඒවායෙ වැඩකරන හුගාක් ගැහැනු අය තායිලන්තයේ දුප්ප්ත් දුර
ගම්මාන වලින් පැමිනෙන අය. . ඒ ගොල්ලො ටිකකලක් ඉදල කීයක් හරි හොයාගෙන ආපහු
යනවා.ඒ වීදි වලට සාමාන්ය්යෙන් තායි ජාතිකයන් යන්නේ නෑ. රෑ වෙනකොට පාර
දෙපැත්තෙ කාන්තාවන් ඉන්නවා. ඇතුලෙ කොරකෙ බාර්.ඒවයෙ ජංගි කොට ඇදගෙන සුද්දන්ට
බියර් වක්කර වක්කර ඉන්න ගැහැනු ගොඩයි.
සුද්දො ඉතින් ඔහොම ඉදල වෙරි
වෙලා බාර් එකටත් ගානක් දීල එක එක්කෙනා එක්කරගෙන යනවා. ඔයගොල්ලො දැකල ඇතිනෙ
එහෙම සුද්දො ලංකාවටත් එක්කරගෙන ඇවිත් ඉන්නව.ඕව හැම රටකම තියනවා.තායිලන්තෙ
වගෙ රටක් ඒ මිම්මෙන් විතරක් මනින එක නම් අපරාධයක්.
දවස් හය හතක්
යනකොට ඇවිදල හොද ගනං . කකුල් රිදෙනව. නෝන එහෙදී අලුතින් ගත්ත සෙරෙප්පු
දෙකත් ගෙවිල විසිකරා. හෝටලය වටේ විතරක් ඇවිදිමු කියල හිතුවා. අපේ හෝටලය වටේ
වැඩියෙන්ම තියෙන්නෙ බියුටි සැලූන්, දත් හදන සුදු කරන ,කන්නාඩි සාප්පු වගේ
තැන්.සුද්දොයි තායි ජාතිකයොයි කවලමේ එනවා.පොඩි දුරක් යනකොට අපේ නෝනට ඕන උනා
පේෂියල් එකක් ගන්න. ගනං කතා කරගෙන ඇතුලට ගියා. මම සාලෙ. මෙට්ට එහෙමත් දාල
තිබුනා.ටික වේලාවකින් ලස්සන ගෑනු ලමයෙක් ඇවිල්ල මසාජ් හැව් කිව්ව. ( ඒ
වෙනකොට මම බාශාව ඉගෙනගනයි තිබුනේ, අපිට උගන්නපු ඉංග්රීසි වලින් What is
your name කියලා ඇහුවහම What is කියන්නෙ මොනවටද කියලා දහ අතේ කල්පනා කරනවා.
Yes Have; No Have අතින් පයින් හොදටම ඇති.) මමත් ඕන කෙහෙම්මලක් කියලා යෙස්
හෑව් කිව්වා. අවුරුදු 60 ක විතර ගෑනු කෙනෙක් ඇවිල්ලා කකුල් දෙක තෙල් ගාලා
පිළිවලට මසාජ් කරා. ඒ තායිලන්ත්යේ පාරම්පරික සම්භහන ක්රමය.උගන්නන්නේ පන්සල්
වල. හැබයි තිබ්බ අමාරුව කොහෙන් ගියාද නෑ, තව ද දවස් ගානක් උනත් ඇවිදින්න
තිබ්බා.
දැන් ඉතින් කාමරේ බඩු පිරෙනවා. ඉස්සෙල්ලා බිම. පස්සෙ ඒව ඇද
උඩ , නිදාගන්නත් දැන් ඉතින් කාමරේ බඩු පිරෙනවා. ඉස්සෙල්ලා බිම. පස්සෙ ඒව ඇද
උඩ , නිදාගන්නත් තියෙන්නෙ ඉඩ ටිකයි.පොඩි බෑග් මදි උනාම ලොකු බෑග් ගත්තා.
සපත්තුම ගෝනියයි. ඒක ල්ංකාවෙ කස්ටම් එකේදී ඇදල පෙන්නන්න ලෑස්ති උනාම කස්ටම්
ඔපිසර් පාස්පෝට් බලන්නේ නැතුවම කිව්ව අදින්න ඕන නෑ ඩොක්ටර් පලවෙනි වතාවට
නේද රට ගිහින් එන්නේ කියලා.. එහෙම බඩු ගෙනාපු පලවෙනි වතාවත් අන්තීම වතාවත්
ඒක.
බැංකොක් ගැනත් තායිලන්තය ගැනත් කියන්න ගොඩාක් දේවල තියනවා
විශේෂයෙන්ම පස්සෙ ගියපු රට තුල දේවල් . පුදුම විවිධත්වයක් තියෙන්නේ. ගිය
හැම තැනම විවිධ අත්දැකීම්.ඒත් මේ පෝස්ට් එක ඇදීගෙන යනවා කියලායි
හිතෙන්නේ.ඔයගොල්ලොන්ට මට කියන්න තියෙන්නෙත් මට Dr දියනත් කිව්ව දේමයි.
ගිහිල්ල නැත්නම් යන්න.ලෝකෙ හැම අන්තයක්ම එතනදී බලාගන්න පුලුවන්.
මට හිතෙන හා මගේ හැටි
Saturday, July 23, 2016
ගොඩයාගෙ රට ගමන් 2 - මැලේසියාව හා සිංගප්පූරුව (දෙවන කොටස)
සිංගප්පූරුව
කියන්නේ ලෝකයේ ධනවත්ම රටක්, ඒ වාගේම ලෝකයේ කාර්යබහුලම වරාය තියෙන්නෙත් එහෙ.ලෝකෙ ජනගහන
ඝනත්වය ගත්තොත් දෙවෙනියට ඉන්නෙ සිංගප්පූරුව ,එත් කොච්චර සැලසුම් කරලා තියනවද කිව්වොත්
රටෙන් බාගයක්ම ගහකොල ,උද්‍යාන හා ස්වභාවික ජලාශ වලට වෙන්කරලා තියෙනවා.
මැලේසියාවෙ
ඉදල සිංගප්පූරුවට එනකොට ලොකු වෙනසක් පේනවා. හැමදේම පිළිවලයි, ඒ ගොල්ලො අඳින ඇදුම් පැලදුම්
පවා, පාරවල් දිගේටත් ගස් හදලා, තට්ටු නිවාසත් උද්‍යාන වලින් වටවෙලා තියෙන්නේ.නීති
රීති අකුරටම පිළිපදිනවා, පාරෙ කෙල ගැහුවොත්
දඩ, පාරට කුනු දැම්මොත් ඩොලර් 200 ක් දඩ ගහනවා
කියලා සිංහලෙන් ගහපු දැන්වීමකුත් දැක්කා, ( පින්තූරෙ මේ එක්ක තියනවා) ඒවගේම පුදුම කලබලයක් තියෙන්නේ, කඩිගුලක් වාගෙ. මිනිස්සුන්ගෙ
මූනු වල උනත් හිනාවක් නෑ, කතාවක් නෑ. පුදුම
ආතතියකින් ඉන්න බව පේනවා. හරියට ඊලග සතියෙ යුද්දෙකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා වාගෙ.
අපි නැවතිලා
හිටියෙ Little India වල Penta Hotel හොටෙල් එකේ . සිංගප්පූවේ හෝටල් විතරක් නෙවෙයි හැමදේම
ගනන්.හෝටලේ ලඟ MRT ස්ටේශන් දෙකක් (Ferra Park, Little India) තියන හින්දා හැම තැනටම
යන්න ලේසියි. ලංකාවෙ අය ගියාම බඩුගන්න නොවරදීම යන පැය 24 ම ඇරලා තියන Mustafa
Centre එකට පයින් යන දුර.අපි
හිටපු හරිය වටේ ගොඩාක් ඉන්න්නෙ ඉන්දියාවෙන් සිංගප්පූරුවට ආපු කට්ටිය.තෝසෙ කඩ පිරිලා,
හැබයි ලංකාවෙ වගේ තුට්ටුවට කන්න බෑ ඒ උනාට කච බචෙ නම් ඒ වගේම තමයි.
සිංගප්පූරුවේ
වැඩකරන අයට නිවාඩු කියන්න්නේ රත්‍රන් වගේ, ඒ තරම්ම කාර්ය බහුලයි ඒත් බුද්ධික නිවාඩු
දාල අපිව ගොඩාක් තැන්වල එක්කරගෙන ගියා, Raffles Place කියන්නෙ සිංගප්පූරුවෙ මුදල් ගනදෙනු කරන ගොඩනැගිලි තියන
හරියක්, බැලු බැලු තැන උසට උසේ ගොඩනැගිලි, ඊට පස්සෙ ගියා Houber Frunt බලන්න, කෘතීමව හදපු මූදු රැල්ලකුත් පෑගුවා, තැන හරියට
මතක නෑ.
අපි
යන්න හිතාගෙන ඉදලා ගියේ නැති තැන් දෙකක් තියනවා. එකක් Night Safari . මම හිතුව අපිට මොකටද Night Safari
කියලා. රෑට සත්තු බලන එක , ලගදී දවසක මුලු
පවුලම ඒකටත් එක්ක රෑට සත්තු බැලුවා නුවර ඉදන් රජමාවතේ රෑවෙලා බන්ඩාරවෙල ගෙදර යනකොට.
මුලදී වල් ඌරො, මුවෝ, මොනරු , පස්ස පාරෙ මැද
අලි රංචුවක්. සිංගප්පූරුවේදී බැලුව නම් අපේ නෝන ඉතිපිසෝ ගාථාව කියන්නේ නෑ
ඊලඟ
තැන තමයි සෙන්ටොසා දූපත (Sentosa Island).
Hobour Front එකේ ඉදල කේබල් කාර් එකකින් යන්න පුලුවන්,.ලංකාවෙන් යන අය නම් ඔක්කොම
වාගෙ බලනවා, විනෝද වෙන්නම හදපු දූපතක්, ඒකෙ Universal Studio, හෝටල්, කැසොනෝ ශාලා, ආසියවේ ලොකුම කුලුන, Madame
Tussauds ඉටි කෞතුකාගාරය, දිය යට මින් මැදුරක් තව ගොඩක් දේවල්
තියනවා., සමහර සිංගප්පූරුවේ අය සෙන්ටොසා දූපතට කියන්නෙ "So
Expensive and Nothing TO See Actually” කියලා.ඒ තරම්ම ගනන්ලු, බොරුනම් ලගදී ත්‍රිකුනාමලයෙන්
චන්දය ඉල්ලපු දොස්තර සාහීර් ගෙන් අහන්න. වතුර බොන්නම රුපියල් 5000 ක් විතර ගියාලු,
අපේ අයත් මේ වගේම Genting Highland මැලේසියාවෙදි බැලුවනෙ. මේ දෙකම හින්දා මම කට්ටිය
එක්කරගෙන ගියේ නෑ.
අපි
සිංගප්පූරුවෙ ගිය නැති බලපු නැති තැන් ගොඩක් තියනවා.ඒ වගේම පොඩි රටක් උනත් සිංගප්පූරුව
බලලා ඉවර කරන්න පුලුවන් රටක් නෙමෙයි.ලංකාවෙ නම් අපේ තාත්තල බැලුවෙත් අපි බැලුවෙත්,
අපේ ලමයි බලන්නෙත් සීගිරිය, දඹුල්ල, දෙහිවල සත්ව උද්යානය, කවදත් එක වගේ. එහෙ හැම දෙයක්ම
කෘතිමව හදන හින්දා අද තියන දේ නෙමෙයි හෙට තියෙන්නෙ.ලඟදී හෝටලයක් හදලා තියනවලු අඩි
1200 කට උඩින් මිනිස්සු 3000 කට ඉන්න පුලුවන් පාක් එකකුයි අඩි 500 ක් දිග පිහිනුම් තටාකයකුයි එක්ක.
ආපහු
එනකොට වෙච්චි සිද්දියකින් වැඩේ නවත්වන්නම්. ආපහු ආවෙත් චෙන්නායි හරහා. චෙන්නයි එනකම් ප්ලේන් එක හිස්, අපියි තව ටිකකුයි
විතරයි. චෙන්නයි වලදී දැක්කා දඹදිව ගිය වන්දනා නඩයක් ප්ලේන් එකට නගිනවා. ඇතුලෙ හිටපු
Air Hostess ලා ඔලුවෙ අත ගහගන්නවා දැක්කා.
කට්ටිය නැගලා කැමති කැමති සීට් වල ඉදගත්තා. බෑග් එහෙමත් ඉඩ තියන තියන තැන්වල. මල ජරමරේ.
Air Hostess ල මුලදී බැලුවා ඒ ගොල්ලන්ට නියමිත සීට් වල වාඩි කරවන්න
, පස්සේ වැඩේ අත ඇරියා.අමාරුවෙන් පටි තද කෙරෙව්වා. බැලුම් පුම්බ පුම්බ දේශනයක් දුන්නා
හදිසියකදී , බහිනකොට මොනවද කරන්නේ කියලා. ගමන
අන්තිමට ලංකාවට බානකොට දෙන්නයි සාදු සාදු කිව්වේ ඔක්කොම නැගිටලා බෑග් හොයන්න පටන් ගත්තා,
Air Hostess ලා අතින් පයින් කෑ ගහනවා වාඩිවෙන්න
කියලා. බහින්න තිබ්බ කලබලෙ එක්ක මොන වාඩි වෙනවද?
ඒ ගොල්ලො ඉගෙනගෙන මදි අපේ ගම්වල අම්මලාට උගන්වන්න. ,,,
ගොඩයාගෙ රට ගමන් 2 - මැලේසියාව හා සිංගප්පූරුව (පළමු කොටස)
මමයි නෝනයි තායිලන්තයට ගිහිල්ල ආවට පස්සෙ දුවටයි පුතාටයි රට යන්න ඕන
උනා.නෝනටත් තිබ්බ ඕනකම ඒ ගොල්ලො එක්කරගෙන යන්න.මම කිව්වා කොහේ හරි රටකට
එක්කරගෙන යන්න බලන්නම්, හැබයි ආයෙ අවුරුදු 5 කට පස්සෙ තමයි ඊලඟ එක
කියලා.මොකද ඒ ගොල්ලොන්ට ඉගෙනගෙන හම්බුකරලා ඕනතරම් රට රටවල යන්න පුලුවන්
හන්දා.
පොරොන්දු උන හින්දා මමත් ටිකක් විමසිල්ලෙන් හිටියේ. දවසක් නෙට් එකේ ඉන්නකොට දැක්කා Air india Express එක කොලඹ- සිංගප්පූරු ගුවන් සේවාවක් පටන් ඇරගෙන හඳුන්වාදීමක් ලෙස අඩු මිලකට ටිකට් නිකුත් කරනවා කියලා. හොඳට හොයල බැලුවා බදු එක්කද කියලා. 12 න් පහල ලමයින්ට තවත් අඩුයි, නෝනගෙ අක්කයි එයාගෙ මහත්තයයි අපිත් එක්ක යන්න එකතු උනා.ඔක්කොම ටිකට් online . සිංගප්පූරුවට වීසා ඕන නෑ. මැලේසියා වීසා මස්සිනා ගත්තා.
ඉස්සෙල්ලා චෙන්නායි එයාපෝට් එකට පැය 4 ක් Transit. කිසි පහසුකමක් නෑ.පුටු කුෂන් කරාට , යකඩ වාගෙ. තිබ්බ කෑම කඩ දෙකේ තිබ්බෙ වඩේ ටිකකුයි , මොනාද ගුලි ටිකකුයි විතරයි. ආයෙත් වෙන ප්ලේන් එකකට නැගලා සිංගප්පූරුවේ Changi Airport එකට ආව.
Changi තමයි දකුනු ආසියාවෙ ලොකුම හා වැඩිම සෙනගක් යන ගුවන්තොටුපොල. ලෝකයේ හොඳම ගුවන්තොටුපල් වලින් එකක්. හරිම ලස්සනයි. හැම තැනම මල් විසිතුරු පැල වවල.මගීන්ට ඕන හැම පහසුකමක්ම තියනවා, අපි එනවා කියල කිව්වාම කැප්පෙටිපොල අපේ හිතවත් මහත්මයෙක්ගෙ පුතා බුද්ධික අපිව මුනගැහෙන්න ඇවිත් හිටියා. එනකොට රෑ 12 ත් පහුවෙලා හින්දා අපි හිතාගෙන හිටියෙ පැයක් දෙකක් එයාපෝට් එකේ ඉදලා උදේම මැලේසියා යන්න පිටත් වෙන්න . බුද්ධිකව දැක්කෙත් එදා. ඒත් බුද්ධික අපිව එයාගෙ ගෙදරට එක්කරගෙන ගිහිල්ල උදේ තමයි එව්වේ.
සිංගප්පූරුවේ ඉඳල මැලේසියාවෙ ක්වාලාලම්පූර් (Kuala Lumpur) වලට යන්න විධි තුනක් තියනවා, ගුවනින් , බස් එකේ නැත්නම් කෝච්චියේ . අපි ගියෙ කාලෙ තිබ්බෙ ටිකක් පරන කෝච්චි.දැන්නම් නවීන පහසුකම් තියන කෝච්චි තියනවා,ඒකෙ මැලේසියාව හරහා තායිලන්තයේ බැංකොක් වලටම යන්න පුලුවන්, ආගමන විගමන වැඩ කෝච්චියේදිම කරනවා. කොච්ච්යේ යන්න පැය 6 ක් විතර ගියා.නවත්වන්නෙ KL Sentral වල. ඒක් ස්ටේශන් ඒකකට වැඩිය ලොකු මද්යස්ථානයක්.කාර්යාල ,සාප්පු ස්ංකීර්න විතරක් නෙවෙයි තරු 5 හේ හෝටල් පවා තියනවා.එතන ඉදල Taxi එකක නගර මැද තියන අපි ලංකාවේදී වෙන්කරගත් Tune Hotel වලට ගියා.
ඉස්සෙල්ල දවසෙ වටපිටේ ඇවිද්ද. කෑම ගැන කරදරයක් නෑ හෝටලේ
ඉස්සරහම Shopping Mall එකක් තියනවා, මැලේසියාවේ චීන, මැලේ, ඉන්දියන් ජාතීන් හරි හරියට ඉන්න හින්දා Food Court එකේ ඕන ජාතියෙ කෑම. කනවට වැඩිපුර කට්ටිය කරේ ඇවිද ඇවිද කෑම තෝරන එක.
පොඩි අය එක්කරගෙන ගිය හින්දා ඒ ගොල්ලො කැමතියි කියලා හිතෙන දේවල් තමයි වැඩිපුර බැලුවෙ. Petronas Twin Towers එක ඉස්සෙල්ලම බැලුවා. 2004 වනකම් ලෝකයේ තිබ්බ උසම ගොඩනැගිල්ල, කුලුනු දෙක මැදින් 42,42 තට්ටු යා කරල මීටර් 58 ක පාලමක් දාල තියනවා.දවසකට ටිකට් 1200 යි දෙන්නේ, උදේම ගිහින් ගන්න ඕනි.පාලම ගාවට යන්න පුලුවන්. ඒ බිල්ඩිමේම යට තට්ටුවේ තියනවා Aquaria KLCC දැවන්ත මින් මැදුරක්, පොඩි අයට නම් බලන්න හරි ආසයි. දිය යටින් යන්න වීදුරු වලින් හදපු උමගක් තියනවා.උදේ 11.00 ඉදලා රාත්රී 8,00 වෙනකම් ඇරල තියනවා. ඊට පස්සෙ අපි ගිය KL Tower බලන්න. Twin Tower කියන්නෙ විශාල ගොඩනැගිලි සංකීර්නයක්. Kl Tower නම් කුලුනක් විතරයි. විදුලි සෝපානයක මීටර 275 ක් ගියාම වටේටම නැරඹුම් මැදිරියක් තියනවා. මුලු නගරයම බලන්න දුරදක්න හයිකරලා තියනවා. මේ දෙක තුන බලලා ඒ වටේ තියන පාක් වල ඇවිදලා ආපුවාම දවස හරි.
හුගාක් අය මැලේසියාවෙ ගියාම බලන්න යන Genting Highlands බලන්න අපිත් ගියා, Taxi එකකින් KL Sentral වලට ගිහිල්ලා බස් එකක් ගන්න ඕනි. එතනින් පැය බාගෙන් බාගෙට බස් තියනවා, බස් එක පැයක් විතර ගිහිල්ලා කේබල් කාර් පටන්ගන්න තැනට යනවා. එතන ඉදලා ගමන කේබල් කාර් එකේ. කඳු උඩින් මීදුම කපාගෙන යනවා. ඔක්කොටම හොඳ අත්දැකීමක්. ඒකෙ විනාඩි 15 ක් විතර ගිහිල්ලා Genting Highlands එකට බහිනවා.
Gentine කියන්නේ සූදු කෙලින්නන්ට හදපු නගරයක්.මැලේසියාවෙ නීත්යානුකූලව සූදු ගහන්න පුලුවන් එහෙ විතරයි. හැබයි ඒකට මැලේසියා ජාතිකයන්ට යන්න තහනම්. හෝටල් 6 ක් තියනවා. First Hotel කියන එකේ කාමර 6000 ක් තියනවා.පොඩි ලමයින්ට විනෝද වෙන්න වෙනම පාක් එකක් තියනවා. ඒ පාක් වල පොඩි අයට විතරක් නෙවෙයි ලොකු අයටත් විනෝද වෙන්න හුගාක් දේවල් තියනවා, අපේ අයට නම් පාක් එක හරිම ජොලි. හවස් වෙනකම්ම ඉදල එනගමන් Batu Cave කියන ලෝකප්රසිද්ධ හින්දු දේවස්ථානය බලලා ආපහු ආව.
එක දවසක් ලොකු ෂොපින් මෝල් එකකට ගියා, ඇතුලට යන තැනම ගෑනු අය වටවෙලා බලනවා ගෑනු කෙනෙක් තවත් ගෑනු කෙනෙක්ගෙ මූනෙ Cream ගාන දිහා. අපේ නෝනට මදැයි , මූන දානකොටම “Do you want to have a white face “ කියලා නෝනව ඇදලා ඇරගෙන එයාගෙ මූනෙත් ගාන්න පටන් ගත්තා. ගාල ඉවරවෙලා ටිකක් වෙලාවකින් මටත් පේනව මූන සුදුවෙලා වගෙ. නෝන ටියුබ් 3 ක් ගත්තා. ඒකෙ ගහලා තිබ්බේ Face Vanishing Cream කියලා මමත් Address එක ඉල්ල ගත්තා, වැඩේ හරි ගියොත් ලංකාවෙම ගැහැනු අයගෙ මූනු සුදු කරල මටත් ගොඩ යන්න. ලංකාවට ඇවිල්ල දවසක් cream එක ගාන්න පටන් ගත්තා. මූන ටිකක් දනව කිව්ව හින්දා වැඩේ නැවත්තුවා. දෙවනි දවසෙ මූනෙ බිබිලි. “ඔයාගෙ තියන සුද හොදටම ඇති ’’ කියලා මම ඒ cream එක කැලේට වීසි කරා. හරිනම් ඒ ටියුබ් එකට දාන්න ඕන Face Vanish Cream කියලයි.
තවත් දේවල් බැලුවා. මට නම් රටක් බලනවා කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ ඇඳුම්, යන හැටි, කෑම බීම, චාරිත්‍ර, වාරිත්‍ර මෙකී නොකී හැම දේම.ඒව ලියන්නම් වෙන වෙනම පැන්ෂන් ගිය දවසට. කොහොමහරි ක්වාල ලම්පූර් බලලා ආපහු කෝච්චියේ සිංගප්පූරුවට ආව.

Saturday, July 16, 2016
පුද්ගලික වෛද්ය විද්යාල පිලිබද මගේ මතය
හුගාක්
අය මේව පටලවාගෙන ඉන්නෙ.. ලෝකයේ හැම රටකින්ම හැම වෛද්ය විද්යාලයකින්ම පිටවන
සැම වෛද්ය වරයාම එකම මට්ටමේ නෑ.සමහර වෛද්යවරුන් වෛද්ය විද්යාලයෙන්
පිටවනකොට තියන මානසික මට්ටම හා හැකියාව ටික කලකදී වෙනස් වෙනවා.සමහර විට
සාමාන්ය දැනුමකින් පිටවන වෛද්යවරු පසුව ඔවුනට ලැබෙන අත්දැකීම් හා
තේරුම්ගැනීම් තුලින් ඉත හොද වෛද්යවරුන් බවට පත්වෙනවා,
ඒ වගේමයි වෛද්ය විද්යාලයෙන් හා පිටරට වලදී ගන්න Foreign training වලන් පස්සෙ ල්ංකාවට හොද මට්ටමකින් ලංකාවට එන වෛද්ය වරු පසුව ඔවුන්ගේ තත්වයට නොගැලපෙන ආකාරයට කටයුතු කරනවා මේව නියාමනය කිරීම වෛද්ය සභාවට අයිති කටයුත්තක්. අපිට තියෙන්නේ කවුරුහරි වෛද්ය උපාධියකට උත්සාහ කරනවා නම් එයට උදව් දී ඔවුන්ගෙන් රටට වැඩදායී සේවයක් ලබාගැනීමයි.
බොහෝ දියුනු රටවල වෛද්ය විද්යාව හැදෑරීමට සමාන්තර ඇතුල්වීමක් (parallel Entry) තියනවා. ලගදී මට මුනගැහුනා ෆින්ලන්තයේ හෙදියක්. ඇය දැන් වෛද්ය විද්යාලයට යාමට සූදානම්ව ඓන්නවා. ලංකාවෙ නම් වෛද්ය විද්යාලයට කෙසේ උනත් වෛද්ය විද්යාවට ආශ්රිත වෙනත් උප්පධියකටත් පටන් ගන්නත් තියන අමාරුව පසුගිය කාලයේ සම සෞඛ්ය පාටමාලාවට වෙච්චි දේ අනුව හිතාගන්න පුලුවන්.

Thursday, July 14, 2016
ලොකුම ගින්න බඩගින්න
ආයෙත් කතාවක් ලියන්න හිතුනා.මේ සිද්දි උනෙත් අනුරධපුරේදී. මම ඉස්සෙල්ලා
කිව්වා වගේ රෝයි පෙරෙරායි කුලවංශයි අපිත් එක්ක හිටියා.රෝයි ඊට ඉස්සෙල්ලා
වැඩ කලේ පදවි සිරිපුර . ග්‍රාමීය රෝහලේ, කුලවංශ පදවි පරක්‍රමපුර C D එකේ.
දෙන්නම ජයට Private Practice කරලා තියනවා. DHO ට ගැහුවේ නැත්නම් අදත් රෝයි
ඉන්නෙ එංගලන්තෙ නෙවෙයි පදවි සිරිපුර. කුලවංස වෙනුවට එහෙ ගියෙ අපේ බැචා
පැරකුම් මෙන්ඩිස්. මිනිහා රස්තියාදු ගැහුවා විතරයි හම්බුකරගන්න බැරි උනා.
ඒත් කුලවංශ කොහොම බෙහෙත් කරාද කිව්වොත් පැරකුම් ගිය දවසෙ ඉදලා ලෙඩ්ඩු ඇවිත්
කරදර කරනවලු ඉස්සෙල්ලා දොස්ත්ර මහත්තයා වගේ දත් ගලවලා දෙන්න කියලා. දවසක්
පැරකුම් අනුරාධපුරේ ආපු වෙලාවෙ කුලවංශගෙන් අහනකොට උබ දත් ගලවපු එකත්
පරක්‍රමපුරදී කරාද කියලා කුලයා කියාපි 'කරා තමයි නොකර බැරිකමට කියලා.එතකොට
තමයි කතාව දැන ගත්තේ.
වයසක ආච්චි කෙනෙක් හැමදාම බුරුල්වෙච්චි දතක
පෙන්නල කුලේගෙන් බෙහෙත් ගන්න අවාලු. දෙතුන් පාරක් බෙහෙත් දීලා දත
ගලවාගන්න කියලා තියනවා. ලගම දත් දොස්තර ඉන්නේ අනුරධපුරේ. දුර හැතැක්ම 70 කට
වැඩියි.ආච්චි කොහොමද අනුරධපුරේ යන්නේ.ආයෙත් කුලේ ගාවට එනවා. එක දවසක්
ආච්චි ආපු වෙලාවෙ කුලේට තදවෙලා අඩුවක් ඇරගෙන දත ඇදලා ගලවලා දැම්මා. ආච්චිට
හරි සතුටුයි. ආච්චි කඩමන්ඩියට ගිහිල්ලා ඔක්කොටමකිව්වා දොස්තර මහත්තයා දත්
ගලවනවා කියලා.එදා ඉදලා පදවි පරාක්රමපුර මිනිස්සුන්ගේ දත් දොස්තරත් කුලවංශ.
දතේ කතාව හින්දා කියන්න ගිය දේත් අමතක උනා. කුලවංශ යි රෝයි යි පදවියේදී
හොදට Private Practice කරපු හින්දා කාර් දෙකකුත් ගත්තා. රෝයි Suzuki 800
එකක්, කුලවංශ අලුත්ම Mitshubishi ලාන්සර් GLX එකක්. ( ඒ කාලෙ තිබ්බ හොදම
කාර් එකක්) රොයි නම් මාරුවෙලා එනකොට කාර් එක අනුරධපුරේට ගෙනාව. කුලවංශ
එයාගෙ කාර් එක කුලියාපිටියෙ එයාගෙ මහ ගෙදර තිබ්බා. අපි පාවිච්චි කලේ රොයි
ගෙ Suzuki 800 එක.. මම තමයි ඒක හුග වෙලාවට එලෙව්වේ. මට තිබ්බෙ වාහන උන. හිත
තිබ්බෙ කුලේගෙ ලාන්සර් එක ගැන. හීනෙනුත් පේනවා තිබ්බ නම් ඒක එලවනවානේද
කියලා හිතෙනවා. ඉතින් මම හැමතිස්සෙම කුලේට කරදර කරනවා කාර් එක ගේමු කියලා.
මුලදී බෑ කිව්වත් පස්සෙ මගෙ කරදරේ හින්දාම කැමති උනා කාර් එක ගේන්න.
ඔන්න ඉතින් එක දවසක කාර් එක ගේන්න කුලියාපිටියේ යන්න පිටත් උනා.හවස
වැඩකරලා පිටත්වෙලා නිකවැරටියට යනකොට හවස 6.30 විතර ඇති. බඩගින්නකුත්
තිබ්බා.නිකවැරටියෙ හෝටලයකින් ආප්ප කෑවා.මම කුලවංශගේ ගෙදර ගෙනියන්න බටර්
කේක් එකක් ගන්න හදනකොටම කුලවන්ශ ඕන නෑ කිව්වා. කාර් එකේ වැඩේ ගැනත් හිතලා
එපා කියද්දීම කේක් එක ගත්තා.කුලවංශගේ ගෙදර යනකොට රෑ 9.00 ට විතර ඇති.
ඒ දවස්වල රටේ හැමතැනම කලබල.කුලියාපිටියේ විශේෂයි.කුලේල හොද එජාප
පාක්ෂිකයො .ඊට ඉස්සෙල්ලා සතියෙ කුලේගෙ ගෙදර ලග හිටපු ඇමති ලයනල් ජයතිලක
වෙඩිතියලා මරලා තිබ්බා.කුලේගෙ අය්යා කුලියාපිටියෙ එක්සත් ජාතික පක්ෂ බල
මන්ඩලයේ ලේකම්.. ඒ හින්දා හිටියේ හුගාක් සැකෙන්. කුලේගෙ තාත්තා අපි ආපු
ගමන්ම ඇගට ගොඩ උනා ඒ වෙලවෙ ආව කියලා.කුලේ කිව්වා මාව පෙන්නලා මෙයා කරදර
කරනවා කාර් එක ඕනි කියලා.උදෙට කාර් එක ගෙනියන්න ඕනි කියලා. තාත්තා වැඩි
කැමත්තක් තිබ්බේ නෑ බලමු කිව්වා.
එතකොට කුලේගෙ අම්මා ආවා. රෑට කෑවද
කියලා ඇහුවා. මම නෑ කියන්නත් ඉස්සෙල්ලා කුලේ කිව්වා ආප්ප කාපු හින්දා දැන්
බඩගිනි නෑ කියලා. මටනම් ටිකක් බඩගින්නකුත් තිබ්බා.ඒත් මොනවා කරන්නද? කුලේගෙ
ගෙදර ඉස්තෝප්පු කාමරය නිදාගන්න ලෑස්ති කරලා දුන්නා. ඒ කාමරයට දොරක්
තියෙන්නේ එලියෙන් විතරයි. ගෙදර ඇතුලට දොරක් නෑ. ඒ හින්දා කුලේගෙ තාත්තා
කිව්වා සද්දයක් එහෙම ඇහුනොත් දොර අරින්න එපා කවුරුවත් නෑ වගෙ ඇතුලට වෙලා
ඉන්න කියලා. ඊට පස්සෙ අපිත් නිදා ගත්තා.
හරි වැඩේ. රෑ 12 විතර
වෙනකොට මට හොදටම බඩගිනියි. ඉන්න බැරිතැන කුලේට කතා කරා. මිනිහා “හෙට උදේ
වෙනකම් ඉවසපන් “ කියලා ආයෙත් නිදා ගත්තා. මොන ඉවසන්නද? බඩගින්න එන්න එන්නම
වැඩි වෙනවා.ආයෙත් කතා කරා කුලේට. කොහොම හරි කැමති කරගත්තා ගෙදරට කතා කරන්න.
හිමින් දොර ඇරලා ඉස්සරහ දොරට තට්ටු කරා..
විනාඩි 10 ක් විතර කතා
කරා.සද්දයක් නෑ. ටික වේලාවකින් පෙනුනා පොල් වත්තේ එහා කොනකින් හෙවනැල්ලක්.
කලබල කාලෙ හින්ද ටිකක් බයක් දැනුනත් ලගට එනකොට අදුනාගත්තා කුලේගෙ තාත්තා
කියලා.තාත්තා පිළිකන්න පැත්තෙන් අල්ලපු ඉඩමට ගිහිල්ලා වටෙන් ආය මොකක්ද
වෙන්නේ බලන්න ඇවිත්.කොහොමහරි ගේ ඇතුලට ගියා. කුලේ විස්තරේ කියලා කන්න මොනාද
තියෙන්නේ කියලා ඇහුවා.
මමත් අතඇරියේ නෑ කිව්වා වැඩිය මොනවාත් එපා
මොනවාහරි රෑට උයලා ඉතුරු ඒවා තිබ්බත් ඇති කියලා. එතකොට කුලේගෙ අම්මා කිව්වා
“අනේ පුතේ වළන් ඔක්කොම හෝදලාත් ඉවරයි ගෙදරත් කන්න කියල්ල දෙයක් නෑ උයලා
දෙන්නද” කියලා. උයනකම් කොහොමද ඉන්නේ? මම අන්තිම තුරුම්පුවත් ගත්තා. "අම්මේ
ඇයි අපි ගෙනාපු බටර් කේක් එක තියනවා නේද" කියලා ඇහුවා,මට දැන් අනිත් අය
කියාපු දේවල් මතක නෑ, ඒත් කුලයගේ මූන නම් අබ ඇටයක් දැම්මනම් පුපුරන්න තරම්
කේන්තියෙන් හිටිය කියලා මතකයි. කේක් ගෙඩිය හතරට කපලා ගෙනත් දුන්නා.මම
හතරෙන් එකම කාල නිදා ගත්තා.
උදේ හතරට විතර කුලයා මාව ඇහැරවලා ආපහු
අනුරධපුරේ යන්න ලෑස්ති වෙයන් කියලා කිව්වා. ඒත් මම කිව්වා ඇයි මෙච්චර කලින්
කාර් එක ඇරගෙනයන්නේ කියලා. " කාර් එක නෙවෙයි ගෙදර අය ඇහැරෙන්න කලින් වරෙන්
යන්න" කියලා කුලයා ගෙරෙව්වා. අපි ගේට්ටුව උඩින් පැනලා බස් එකක අනුරාධපුරේ
ආවා.
Saturday, July 9, 2016
දේවගෙ මොලේ
හැමදාම මගේ පුරසාරම් වැල්වටාරම් අහල එපාවෙලා හින්ද හිතුනා මගේ යාලුවෙක්
ගැන කියන්න. නම අයි. දේවදාසන් I කියන්නෙ ඉන්ද්‍රදාසන්. ස්කෝලෙ
ඉංග්රීේසි පන්තියේදී නම ඉංග්රී සියෙන් කියන හැටි උගන්නලා “What is your
Name “කියලා ටීචර් ඇහුවාලු. ගත් කටටම කිව්වා “ I දේවදාසන් “ කියලා. පස්ස
පැත්තට දෙකක් දීල කිව්වලු I නෙමෙයි My name is Devadasan කියලා කියනවා
කියලා.
දේවදාසන් ඉන්නෙ මාත් එක්ක ගම්පොල මූලික රෝහලේ. ගම්පොලට ඇවිත්
අවුරුදු 18 යි. ඔක්කෝම අදුනනවා. හමේ වැඩට Expert. දේවදාසන්ගෙන් මූන
සුදුවෙන්න බෙහෙත් ගත්තෙ නැති ලේඩි ඩොක්ටර්ලා නුවර පැත්තේ නම් හොයාගන්නත්
අමාරුයි.( බොරුනම් මීටින් වලදී බලන්න පැත්තකට ගිහිල්ලා කාන්තා පාර්ශවයත්
එක්ක කුටු කුටු ගාන හැටි ). ළගදී බදින්න ඉන්න න්ංගී කෙනෙකුගෙන් තවත් නංගී
කෙනෙක් Doctor’s Rest Room එකේදී ඇහුවා ඔයා බදින්න ඉස්සෙල්ලා හොදටම
සුදුවෙලා ඉන්නේ දේවා අයියා මොනවාවත් ගාන්න දුන්නාද කියලා.න්ංගී ලැජ්ජාවෙන්
ඇඹරුනා.
මම නම් දේවදාසන්ගෙන් මූන සුදුවෙන්න බෙහෙත් ගන්නෙ නෑ.ගැහැනු
අයට බෙහෙත් දීල දුන්නෙ නැතිව වාගෙ හිටියට පිරිමියෙකුට බෙහෙත් දුන්නොත් මුලු
ඉස්පිරිතාලයටම කියනවා.ටික කලකට ඉස්සෙල්ලා ගුටිකන්නත් ගියා ඩොක්ටර් කෙනෙකුට
සුදුවෙන්න දීලා.වෙනදා වගේ කිව්වා ඔක්කොටම. දොස්තර යන හැමතැනම අහනවා
සුදුවෙන්න බෙහෙත් ගෑවද කියලා. මිනිහගේ මූන සුදුවුනාට ඇග කලුම කලුයි.
අනිත් අයට නම් හමේ වැඩ වලට Expert කියලා හිතුනාට මම නම් හිතන්නේ දේවගෙ
හොදම බෙහෙත තියෙන්නේ Chronic Cough වලට කියලා. Dulcolax පෙති හතරක් උදේ
හවස දවස් පහකට.ලෙඩා කට තද කරගෙන ඉන්නවා බඩ යයි කියලා බයට.
දේවාගෙ
වැඩනම් වරුගනනක් උනත් කියන්න පුලුවන්.රස සාගරයයි. ඒත් මට කොටන්න අමාරුයි.
ඊටත් වඩා මේ වෙනකොටත් අපේ නෝන හිතාගෙන ඉන්නෙ මම ඉන්ටර්නෙට් එකෙන් ලව් ලෙටර්
ලියනවා කියලා. පොඩි කතාවක් කියලා මේක ඉවර කරන්නම්.
මේක උනේ දේවා
රත්තොට ඉන්නකොට. දේවා තමයි Statistics ලිව්වේ.මාසෙ අන්තිමට අපි කවුරුත් ඒ
දවස්වල කරා වාගෙ Notification Register මාක් කරගෙන යනකොට වසූරිය
(Smallpox) ඉදිරියෙන් ලෙඩෙක් දම්ම. ඒ වෙනකොටත් වසූරිය ලෝකෙන්ම තුරන් වෙලා
අන්තීම ලෙඩා හම්බුවෙලාත් අවුරුදු 10 කට වැඩියි. MOH එකෙන් Ministry එකට,
මිනිස්ට්රිග එකෙන් WHO එකට . දවසක් Epidemiology Unit එකේ ලොක්කයි WHO එකේ
කෙනෙකුයි ආව රත්තොටට.දේවගෙන් ඇහුව BHT එක කෝ කියලා. හොයලා දෙන්නම් කියලාම
සති දෙකකින් එනවා කියලා ගියා.
දැන් මොකද කරන්නේ. BHT මිටියයි
Notification Register එකයි මැදින් හාරලා වේ ගුලියක් දෙම්මා. සති දෙකෙන්
අරගොල්ලො ආපුහාම දෙකම දුන්නා, ලිහනකොටම ඔක්කොම කුඩුටික බිම.
කොහොමද දේවගෙ මොලේ.
Friday, July 8, 2016
මට ලැබුනු හොඳ ස්ටේශන් එක
අනුරාධපුරේ ඉදලා බොහොම අමාරුවෙන් මහනුවරට ආව.හිටපු RDHS ධනසේන
හෙට්ටිආරච්චි අපේ මාම අඳුරන හින්ද(ඒ කාලෙ මාරුවීම් කල RD ට CC ඕන ව්දිහට )
හොදම ස්ටෙශන් එකක් දෙන්නම් කියල අංකුබුරට දැම්ම.එයාගෙ ජීප් එකත් මට දුන්න
යන්න කියල.
ගියාම ඉස්පිරිතාලෙ තියනවා, ලෙඩ්ඩු නෑ! ලග කඩේ මුදලාලිගෙන්
ඇහුවාම කිව්ව දොස්තර මහත්තයයි, දොස්තර නෝනලා දෙන්නයි මරන තර්ජන හින්ද (ඒ
කාලෙ ජේවීපී කලබල ) ඉස්පිරිතාලෙ වහලා ගිහිල්ලා සති දෙකක් වෙනවා කියලා.
දොස්තර මහත්තය පස්සෙ ජයවර්ධනපුර ඩිරෙක්ටර් වුන
SAK ගමගේ.ට්ක වේලාවකින් ගමේ සේවකයෝ දෙන්නෙක් ඇවිත් ඔපිස් කාමරය ඇරලා
දුන්න. ලඟ ගෙදරකින් කෑම.දවස් 3 ක් ඔපීස් එකේ හිටිය.පස්සෙ නිල නිවාසයට ගියා.
සතියකින් නෙලුම් විතන ඇවිත් බඩු බාර දුන්න. පස්සෙ DMO කෙනෙක් ආව මෙයා ST ගමගේ. දෙන්න එක නිල නිවාසයෙ හිටියේ. හැමදාම රෑට පාටි, JVP කලබල එන්න එන්නම වැඩියි.පොලීසියේ හිටපු OIC ලා දෙන්නාම බෝම්බ තියලා මැරුනා,ආමි කෑම්ප් එකක් ආව,දැන් දෙපැත්තෙන්ම මරාගන්නවා, ගමගේ නුවර ගෙදර ඉදන් එන්න ගත්ත.දවසක් ඉස්පිරිතාලෙ ලෙඩෙකුගෙ බෙල්ල කපල මරල තිබුන. ඊට පස්සෙ ගමගේ ආවෙ නෑ.ආයෙත් තනියම
කෑම්ප් එකේ කට්ටිය රෑට හන්ටිනුත් යනව.අපිට දඩමස් ගේන්න ගෝලයෙක් ගියවේලාවෙ කතාවක් ගිහිල්ල කෑම්ප් එකේ අය හිත හොද නැතිවුනා.දවසක් ඉස්පිරිතලෙට එන තැන බෝක්කු කනුවල බෙලි හතරයි. කෑම දුන්නගෙදර අම්ම ඇවිත් මට අඬල කිව්ව අදරෑට නම් ඉන්න එපා යන්න කියල.මේ වෙනකොට මිසීලත්, ගොඩක් සේවකයොත් වැඩට එන්නෙ නෑ. බෑග් එකකට සරමක් විතරක් දාගෙන හන්දියට ආව. නුවර බස් නෑ,මාතලේට ඇවිත් ඒ පැත්තෙන් නුවරට ආව.
ඔහොම තමයි හොඳ ස්ටේශන් එක දාල ආවෙ.

Subscribe to:
Comments (Atom)