Saturday, July 16, 2016

පුද්ගලික වෛද්ය විද්යාල පිලිබද මගේ මතය

හුගාක් අය මේව පටලවාගෙන ඉන්නෙ.. ලෝකයේ හැම රටකින්ම හැම වෛද්ය විද්යාලයකින්ම පිටවන සැම වෛද්ය වරයාම එකම මට්ටමේ නෑ.සමහර වෛද්යවරුන් වෛද්ය විද්යාලයෙන් පිටවනකොට තියන මානසික මට්ටම හා හැකියාව ටික කලකදී වෙනස් වෙනවා.සමහර විට සාමාන්ය දැනුමකින් පිටවන වෛද්යවරු පසුව ඔවුනට ලැබෙන අත්දැකීම් හා තේරුම්ගැනීම් තුලින් ඉත හොද වෛද්යවරුන් බවට පත්වෙනවා,
ඒ වගේමයි වෛද්ය විද්යාලයෙන් හා පිටරට වලදී ගන්න Foreign training වලන් පස්සෙ ල්ංකාවට හොද මට්ටමකින් ලංකාවට එන වෛද්ය වරු පසුව ඔවුන්ගේ තත්වයට නොගැලපෙන ආකාරයට කටයුතු කරනවා  මේව නියාමනය කිරීම වෛද්ය සභාවට අයිති කටයුත්තක්. අපිට තියෙන්නේ කවුරුහරි වෛද්ය උපාධියකට උත්සාහ කරනවා නම් එයට උදව් දී ඔවුන්ගෙන් රටට වැඩදායී සේවයක් ලබාගැනීමයි.
බොහෝ දියුනු රටවල වෛද්ය විද්යාව හැදෑරීමට සමාන්තර ඇතුල්වීමක් (parallel Entry) තියනවා. ලගදී මට මුනගැහුනා ෆින්ලන්තයේ හෙදියක්. ඇය දැන් වෛද්ය විද්යාලයට යාමට සූදානම්ව ඓන්නවා. ලංකාවෙ නම් වෛද්ය විද්යාලයට කෙසේ උනත් වෛද්ය විද්යාවට ආශ්රිත වෙනත් උප්පධියකටත් පටන් ගන්නත් තියන අමාරුව පසුගිය කාලයේ සම සෞඛ්ය පාටමාලාවට වෙච්චි දේ අනුව හිතාගන්න පුලුවන්.

No comments:

Post a Comment