සිංගප්පූරුව
කියන්නේ ලෝකයේ ධනවත්ම රටක්, ඒ වාගේම ලෝකයේ කාර්යබහුලම වරාය තියෙන්නෙත් එහෙ.ලෝකෙ ජනගහන
ඝනත්වය ගත්තොත් දෙවෙනියට ඉන්නෙ සිංගප්පූරුව ,එත් කොච්චර සැලසුම් කරලා තියනවද කිව්වොත්
රටෙන් බාගයක්ම ගහකොල ,උද්‍යාන හා ස්වභාවික ජලාශ වලට වෙන්කරලා තියෙනවා.
මැලේසියාවෙ
ඉදල සිංගප්පූරුවට එනකොට ලොකු වෙනසක් පේනවා. හැමදේම පිළිවලයි, ඒ ගොල්ලො අඳින ඇදුම් පැලදුම්
පවා, පාරවල් දිගේටත් ගස් හදලා, තට්ටු නිවාසත් උද්‍යාන වලින් වටවෙලා තියෙන්නේ.නීති
රීති අකුරටම පිළිපදිනවා, පාරෙ කෙල ගැහුවොත්
දඩ, පාරට කුනු දැම්මොත් ඩොලර් 200 ක් දඩ ගහනවා
කියලා සිංහලෙන් ගහපු දැන්වීමකුත් දැක්කා, ( පින්තූරෙ මේ එක්ක තියනවා) ඒවගේම පුදුම කලබලයක් තියෙන්නේ, කඩිගුලක් වාගෙ. මිනිස්සුන්ගෙ
මූනු වල උනත් හිනාවක් නෑ, කතාවක් නෑ. පුදුම
ආතතියකින් ඉන්න බව පේනවා. හරියට ඊලග සතියෙ යුද්දෙකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා වාගෙ.
අපි නැවතිලා
හිටියෙ Little India වල Penta Hotel හොටෙල් එකේ . සිංගප්පූවේ හෝටල් විතරක් නෙවෙයි හැමදේම
ගනන්.හෝටලේ ලඟ MRT ස්ටේශන් දෙකක් (Ferra Park, Little India) තියන හින්දා හැම තැනටම
යන්න ලේසියි. ලංකාවෙ අය ගියාම බඩුගන්න නොවරදීම යන පැය 24 ම ඇරලා තියන Mustafa
Centre එකට පයින් යන දුර.අපි
හිටපු හරිය වටේ ගොඩාක් ඉන්න්නෙ ඉන්දියාවෙන් සිංගප්පූරුවට ආපු කට්ටිය.තෝසෙ කඩ පිරිලා,
හැබයි ලංකාවෙ වගේ තුට්ටුවට කන්න බෑ ඒ උනාට කච බචෙ නම් ඒ වගේම තමයි.
සිංගප්පූරුවේ
වැඩකරන අයට නිවාඩු කියන්න්නේ රත්‍රන් වගේ, ඒ තරම්ම කාර්ය බහුලයි ඒත් බුද්ධික නිවාඩු
දාල අපිව ගොඩාක් තැන්වල එක්කරගෙන ගියා, Raffles Place කියන්නෙ සිංගප්පූරුවෙ මුදල් ගනදෙනු කරන ගොඩනැගිලි තියන
හරියක්, බැලු බැලු තැන උසට උසේ ගොඩනැගිලි, ඊට පස්සෙ ගියා Houber Frunt බලන්න, කෘතීමව හදපු මූදු රැල්ලකුත් පෑගුවා, තැන හරියට
මතක නෑ.
අපි
යන්න හිතාගෙන ඉදලා ගියේ නැති තැන් දෙකක් තියනවා. එකක් Night Safari . මම හිතුව අපිට මොකටද Night Safari
කියලා. රෑට සත්තු බලන එක , ලගදී දවසක මුලු
පවුලම ඒකටත් එක්ක රෑට සත්තු බැලුවා නුවර ඉදන් රජමාවතේ රෑවෙලා බන්ඩාරවෙල ගෙදර යනකොට.
මුලදී වල් ඌරො, මුවෝ, මොනරු , පස්ස පාරෙ මැද
අලි රංචුවක්. සිංගප්පූරුවේදී බැලුව නම් අපේ නෝන ඉතිපිසෝ ගාථාව කියන්නේ නෑ
ඊලඟ
තැන තමයි සෙන්ටොසා දූපත (Sentosa Island).
Hobour Front එකේ ඉදල කේබල් කාර් එකකින් යන්න පුලුවන්,.ලංකාවෙන් යන අය නම් ඔක්කොම
වාගෙ බලනවා, විනෝද වෙන්නම හදපු දූපතක්, ඒකෙ Universal Studio, හෝටල්, කැසොනෝ ශාලා, ආසියවේ ලොකුම කුලුන, Madame
Tussauds ඉටි කෞතුකාගාරය, දිය යට මින් මැදුරක් තව ගොඩක් දේවල්
තියනවා., සමහර සිංගප්පූරුවේ අය සෙන්ටොසා දූපතට කියන්නෙ "So
Expensive and Nothing TO See Actually” කියලා.ඒ තරම්ම ගනන්ලු, බොරුනම් ලගදී ත්‍රිකුනාමලයෙන්
චන්දය ඉල්ලපු දොස්තර සාහීර් ගෙන් අහන්න. වතුර බොන්නම රුපියල් 5000 ක් විතර ගියාලු,
අපේ අයත් මේ වගේම Genting Highland මැලේසියාවෙදි බැලුවනෙ. මේ දෙකම හින්දා මම කට්ටිය
එක්කරගෙන ගියේ නෑ.
අපි
සිංගප්පූරුවෙ ගිය නැති බලපු නැති තැන් ගොඩක් තියනවා.ඒ වගේම පොඩි රටක් උනත් සිංගප්පූරුව
බලලා ඉවර කරන්න පුලුවන් රටක් නෙමෙයි.ලංකාවෙ නම් අපේ තාත්තල බැලුවෙත් අපි බැලුවෙත්,
අපේ ලමයි බලන්නෙත් සීගිරිය, දඹුල්ල, දෙහිවල සත්ව උද්යානය, කවදත් එක වගේ. එහෙ හැම දෙයක්ම
කෘතිමව හදන හින්දා අද තියන දේ නෙමෙයි හෙට තියෙන්නෙ.ලඟදී හෝටලයක් හදලා තියනවලු අඩි
1200 කට උඩින් මිනිස්සු 3000 කට ඉන්න පුලුවන් පාක් එකකුයි අඩි 500 ක් දිග පිහිනුම් තටාකයකුයි එක්ක.
ආපහු
එනකොට වෙච්චි සිද්දියකින් වැඩේ නවත්වන්නම්. ආපහු ආවෙත් චෙන්නායි හරහා. චෙන්නයි එනකම් ප්ලේන් එක හිස්, අපියි තව ටිකකුයි
විතරයි. චෙන්නයි වලදී දැක්කා දඹදිව ගිය වන්දනා නඩයක් ප්ලේන් එකට නගිනවා. ඇතුලෙ හිටපු
Air Hostess ලා ඔලුවෙ අත ගහගන්නවා දැක්කා.
කට්ටිය නැගලා කැමති කැමති සීට් වල ඉදගත්තා. බෑග් එහෙමත් ඉඩ තියන තියන තැන්වල. මල ජරමරේ.
Air Hostess ල මුලදී බැලුවා ඒ ගොල්ලන්ට නියමිත සීට් වල වාඩි කරවන්න
, පස්සේ වැඩේ අත ඇරියා.අමාරුවෙන් පටි තද කෙරෙව්වා. බැලුම් පුම්බ පුම්බ දේශනයක් දුන්නා
හදිසියකදී , බහිනකොට මොනවද කරන්නේ කියලා. ගමන
අන්තිමට ලංකාවට බානකොට දෙන්නයි සාදු සාදු කිව්වේ ඔක්කොම නැගිටලා බෑග් හොයන්න පටන් ගත්තා,
Air Hostess ලා අතින් පයින් කෑ ගහනවා වාඩිවෙන්න
කියලා. බහින්න තිබ්බ කලබලෙ එක්ක මොන වාඩි වෙනවද?
ඒ ගොල්ලො ඉගෙනගෙන මදි අපේ ගම්වල අම්මලාට උගන්වන්න. ,,,
No comments:
Post a Comment