හැමදාම මගේ පුරසාරම් වැල්වටාරම් අහල එපාවෙලා හින්ද හිතුනා මගේ යාලුවෙක්
ගැන කියන්න. නම අයි. දේවදාසන් I කියන්නෙ ඉන්ද්‍රදාසන්. ස්කෝලෙ
ඉංග්රීේසි පන්තියේදී නම ඉංග්රී සියෙන් කියන හැටි උගන්නලා “What is your
Name “කියලා ටීචර් ඇහුවාලු. ගත් කටටම කිව්වා “ I දේවදාසන් “ කියලා. පස්ස
පැත්තට දෙකක් දීල කිව්වලු I නෙමෙයි My name is Devadasan කියලා කියනවා
කියලා.
දේවදාසන් ඉන්නෙ මාත් එක්ක ගම්පොල මූලික රෝහලේ. ගම්පොලට ඇවිත්
අවුරුදු 18 යි. ඔක්කෝම අදුනනවා. හමේ වැඩට Expert. දේවදාසන්ගෙන් මූන
සුදුවෙන්න බෙහෙත් ගත්තෙ නැති ලේඩි ඩොක්ටර්ලා නුවර පැත්තේ නම් හොයාගන්නත්
අමාරුයි.( බොරුනම් මීටින් වලදී බලන්න පැත්තකට ගිහිල්ලා කාන්තා පාර්ශවයත්
එක්ක කුටු කුටු ගාන හැටි ). ළගදී බදින්න ඉන්න න්ංගී කෙනෙකුගෙන් තවත් නංගී
කෙනෙක් Doctor’s Rest Room එකේදී ඇහුවා ඔයා බදින්න ඉස්සෙල්ලා හොදටම
සුදුවෙලා ඉන්නේ දේවා අයියා මොනවාවත් ගාන්න දුන්නාද කියලා.න්ංගී ලැජ්ජාවෙන්
ඇඹරුනා.
මම නම් දේවදාසන්ගෙන් මූන සුදුවෙන්න බෙහෙත් ගන්නෙ නෑ.ගැහැනු
අයට බෙහෙත් දීල දුන්නෙ නැතිව වාගෙ හිටියට පිරිමියෙකුට බෙහෙත් දුන්නොත් මුලු
ඉස්පිරිතාලයටම කියනවා.ටික කලකට ඉස්සෙල්ලා ගුටිකන්නත් ගියා ඩොක්ටර් කෙනෙකුට
සුදුවෙන්න දීලා.වෙනදා වගේ කිව්වා ඔක්කොටම. දොස්තර යන හැමතැනම අහනවා
සුදුවෙන්න බෙහෙත් ගෑවද කියලා. මිනිහගේ මූන සුදුවුනාට ඇග කලුම කලුයි.
අනිත් අයට නම් හමේ වැඩ වලට Expert කියලා හිතුනාට මම නම් හිතන්නේ දේවගෙ
හොදම බෙහෙත තියෙන්නේ Chronic Cough වලට කියලා. Dulcolax පෙති හතරක් උදේ
හවස දවස් පහකට.ලෙඩා කට තද කරගෙන ඉන්නවා බඩ යයි කියලා බයට.
දේවාගෙ
වැඩනම් වරුගනනක් උනත් කියන්න පුලුවන්.රස සාගරයයි. ඒත් මට කොටන්න අමාරුයි.
ඊටත් වඩා මේ වෙනකොටත් අපේ නෝන හිතාගෙන ඉන්නෙ මම ඉන්ටර්නෙට් එකෙන් ලව් ලෙටර්
ලියනවා කියලා. පොඩි කතාවක් කියලා මේක ඉවර කරන්නම්.
මේක උනේ දේවා
රත්තොට ඉන්නකොට. දේවා තමයි Statistics ලිව්වේ.මාසෙ අන්තිමට අපි කවුරුත් ඒ
දවස්වල කරා වාගෙ Notification Register මාක් කරගෙන යනකොට වසූරිය
(Smallpox) ඉදිරියෙන් ලෙඩෙක් දම්ම. ඒ වෙනකොටත් වසූරිය ලෝකෙන්ම තුරන් වෙලා
අන්තීම ලෙඩා හම්බුවෙලාත් අවුරුදු 10 කට වැඩියි. MOH එකෙන් Ministry එකට,
මිනිස්ට්රිග එකෙන් WHO එකට . දවසක් Epidemiology Unit එකේ ලොක්කයි WHO එකේ
කෙනෙකුයි ආව රත්තොටට.දේවගෙන් ඇහුව BHT එක කෝ කියලා. හොයලා දෙන්නම් කියලාම
සති දෙකකින් එනවා කියලා ගියා.
දැන් මොකද කරන්නේ. BHT මිටියයි
Notification Register එකයි මැදින් හාරලා වේ ගුලියක් දෙම්මා. සති දෙකෙන්
අරගොල්ලො ආපුහාම දෙකම දුන්නා, ලිහනකොටම ඔක්කොම කුඩුටික බිම.
කොහොමද දේවගෙ මොලේ.
No comments:
Post a Comment